ගෝඨාගෝගම ජනතා විරෝධයට දින 50යි

ජනතා ජයග්‍රහණ රැසක් ලබා ගත් ගෝඨාගෝගම ජනතා විරෝධයට දින 50යි

by Janitha Mendis 28-05-2022 | 10:03 PM

COLOMBO (News 1st) - අහස උසට නැගුණු බඩු මිල

වේල දෙවේල අහිමි කළ බඩගින්න කඩාවැටෙන වෙළෙඳපොළ හිස්වන භාණ්ඩාගාරය අහිමිවන රාජ්‍ය සම්පත් අදහසට උදහස් වන සමාජ මාධ්‍ය වාරණය මේ සියල්ල ජන විරෝධයක් ලෙස මුලින්ම පුපුරා ගියේ මිරිහානේ ජනාධිපති නිවස අසලයි. නොනවතින අරගලය පටන් ගත්තේ අප්‍රේල් 9 වැනි දා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට භූමියේදීය. කලින් හමුනොවුණු විවිධ මත දැරූ වෙනත් ආගම් ඇදහූ වෙනස් ජාතීන් එකම පොදු මතයකට එළඹ ගෝ හෝම් ගෝඨා සටන් පාඨය මුවහත් කිරීමට ගෝඨා ගෝ ගමේ පදිංචි විය. සටන මුවහත් විය. ජන බලය වැඩි වුණි. අලුතින් සිතන පරපුර නැගී සිටියේ ය. මයිනාගෝගමත් බිහිවුණි. ජන බලපෑම් හමුවේ. කැබිනට් එක ඉල්ලා අස් විය. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් 4 දෙනෙකුට ඇමතිකම්වලින් යන්න විය. මහ බැංකු අධිපති කබ්රාල් හා භාණ්ඩාගාර ලේකම් ගෙදර ගියේ ය. සර්ව පාක්ෂික ආණ්ඩු අන්තර්වාර ආණ්ඩු කරළියට ආවේ ය. ජන අරගලයට එල්ල වූ මැරබලය හමුවේ අන්තිමේ ඡනතාව අගමැතිවත් ගෙදර යැව්වේ ය. තනි මන්ත්‍රී අගමැති විය. ඔහුට ලැබුණේ අවකාශයක් පමණි. ජනපති ගෙදර යැවීමේ පීඩනය එහෙම්මයි. දැන් 21න් ජනාධිපති ධුරය විසිකිරීමේ වෑයමත් ක්‍රියාත්මකයි. අදට දින 50යි. නිදහසින් පසු ගෙවීගිය 74 වසරට වඩා ජයග්‍රහණ රැසක්. අරගලය තවදුරටත් ක්‍රියාත්මකයි. ජනතාව දිනන තුරු...!