ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff Writer . 28-05-2022 | 7:02 AM

COLOMBO (News 1st) - දේශීය පුවත්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශ මහත්මියට ඊයේ(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වසර 2ක සිර දඬුවමක් නියම කළේ ය. 02.9 වැනි දා සිදුවීමේ විරෝධතාකරුවන් වීඩියෝ දර්ශන උපයෝගි කර ගනිමින් අත්අඩංගුවට ගන්නා බවට තොරතුරු – SJBයෙන් පොලිස්පතිට ලිපියක්.. පසුගිය 09 වැනි දා සිදු වූ සිදුවීම් පාදක කර ගනිමින් පොලීසිය සාමකාමී විරෝධතාකරුවන් ද වීඩියෝ දර්ශන උපයෝගි කර ගනිමින් අත්අඩංගුවට ගන්නා බවට තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේගය පවසයි. 03. පළාත් පාලන ඡන්දය කල් දාන්න අපේක්ෂාවක් නැහැ – දිනේෂ් ගුණවර්ධන පළාත් පාලන ඡන්දය කල් දැමීමේ අපේක්ෂාවක් නොමැති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ (27) ප්‍රකාශ කළේය. 04. 19වැනි සංශෝධනය 21 ලෙස නැවත බලාත්මක කිරීමටත් දෙවන පියවර ලෙස විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමටත් එකඟතාවක් 19 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස නැවත බලාත්මක කිරීමට ඊයේ (27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයින් එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. 05. මත්පැන්වල‌ට ප්‍රමිතීන් නියම කරන්නැයි, සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග මත්පැන් සඳහා හැකි ඉක්මණින් ප්‍රමිතීන් නියම කරන ලෙස පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ක්‍රීඩා පුවත් 01. බංග්ලාදේශට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඊ්යේ (27) ජය ගත්තේය . 02. මම කැමතියි මේ ජයග්‍රහණය සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කැප කරන්න – දිමුත් කරුණාරත්න “මම කැමතියි මෙම ජයග්‍රහණය සියලුම ශ්‍රී ලාංකීකයින් වෙනුවෙන් කැප කරන්න. අපි ඉතාමත් අසීරු කාලයක් ගත කරන්නේ ශ්‍රී ලංකාවේ. මම හිතනවා මෙම ජයග්‍රහණය ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙන දෙයි කියලා” ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මෙම අදහස් පළ කළේ, බංග්ලාදේශය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි