by Staff writer 28-05-2022 | 9:52 PM
COLOMBO (News 1st) - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ, පියගම දුම්රිය හරස් මාර්ගයේදී අද(28) උදෑසන සිදු වූ අනතුරකින් 7 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්විය.
රුවනි රෙහන්සා තවත් දැරියක් සමග නිවස අසල වෙළෙඳසැලකට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
පියගම දුම්රිය හරස් මාර්ගයේදී දැරිය අනතුර ලක්වුණේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙනි.
දේහය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර කොස්ගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.