ඉදිරි සති දෙකට ඉන්ධන තොග ප්‍රමාණවත්ද?

ඉදිරි සති දෙකට ඉන්ධන තොග ප්‍රමාණවත්ද?

by Staff writer 28-05-2022 | 9:41 PM

COLOMBO (News 1st) - ඉදිරි සති දෙක සඳහා ඉන්ධන තොග ප්‍රමාණවත් බව විදුබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍ය වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම මත මිල දී ගන්නා ලද පෙට්‍රල් නෞකාවල ඉන්ධන තොග මේ වෙනවිට ගොඩබා තිබෙන බවයි. ඒ අනුව, පසුගිය කාලයේ තිබුණ තදබදය ද යම්තාක් දුරකට අඩු කරගනිමින් කටයුතු කිරීමට හැකිව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. විදුබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,
පසුගිය කාලයේ තිබුණ තදබදය යම්තාක් දුරකට අඩු කරගනිමින් කටයුතු කිරීම සඳහා මේ වනවිට අපිට හැකි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම මත මිල දී ගන්නා ලද පෙට්‍රල් නෞකාවල ඉන්ධන තොග මේ වනවිට ගොඩබා තිබෙන නිසා අපිට ඉදිරි සති දෙක සඳහා එය ප්‍රමාණවත්. තොග කළමනාකරණය කරමින් මේ කටයුතුවල නියැළීම සඳහා අපිට අවස්ථාව ලැබිලා තියෙනවා