අටුලුගම දැරිය තවමත් අතරුදන්..

අටුලුගම දැරියක් අතුරුදන් වීම ගැන තවදුරටත් විමර්ශන

by Staff Writer . 28-05-2022 | 9:09 AM

COLOMBO (News 1st) -  බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ දැරියක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ, අටුලුගම, එපිටමුල්ල ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි දැරියකි. ඇය අටුලුගම ප්‍රදේශයේ පාසලක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනා ශිෂ්‍යාවකි. ඊයේ (27) පෙරවරු 10.00ට පමණ ගෙදරට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීම අසල පිහිටි වෙළෙඳසැලකට ගොස් ඇති ඇය මෙතෙක් නිවසට පැමිණ නැත. ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇය සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ ඊට අදාල සී.සී.ටී.වී. දර්ශන ද මේ වනවිට ලැබී ඇති බවයි. දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.   https://youtu.be/AqMAtsSSyoI