by Staff writer 27-05-2022 | 8:50 PM
COLOMBO (News 1st) - පසුගිය 09 වැනි දා සිදු වූ සිදුවීම් පාදක කර ගනිමින් පොලීසිය සාමකාමී විරෝධතාකරුවන් ද වීඩියෝ දර්ශන උපයෝගි කර ගනිමින් අත්අඩංගුවට ගන්නා බවට තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ඒ, පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමිනි.
ඉන් සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ, මැයි 09 වැනි දා ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹ වූ පිරිස් හෝ ඊට දායකවූවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන පසුබිමක නීතිපති උපදෙස් පවා නොතකා පොලීසිය ක්‍රියාකරන බවය.
සාමාකාමීව උද්ඝෝෂණවල නිරත වූ පිරිස් අත්අඩංගුවට ගැනීම නීතියේ ආධිපත්‍යය ද අභියෝගයට ලක් කිරීමක් බව මෙම ලිපියෙන් සමගි ජන බලවේගය පොලිස්පතිවරයාට පෙන්වා දී තිබේ.
සමගි ජන බලවේගය අවධාරණය කරන්නේ, අදාළ සිදුවීමට පෙර උද්ඝෝෂණවලට සහභාගිවූවන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවය.