19වැනි සංශෝධනය 21 ලෙස නැවත බලාත්මක කිරීමටත් දෙවන පියවර ලෙස විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමටත් එකඟතාවක්

19වැනි සංශෝධනය 21 ලෙස නැවත බලාත්මක කිරීමටත් දෙවන පියවර ලෙස විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමටත් එකඟතාවක්

19වැනි සංශෝධනය 21 ලෙස නැවත බලාත්මක කිරීමටත් දෙවන පියවර ලෙස විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමටත් එකඟතාවක්

කර්තෘ Staff writer

27 May, 2022 | 7:12 pm

COLOMBO (News 1st) – 19 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස නැවත බලාත්මක කිරීමට අද(27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයින් එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම දෙවන පියවර ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ නායකයින් ඒකඟ වූ බව එම නිවේදනයේ දැක්වේ.

ආග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගි වූහ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා පක්ෂයේ නීතිඥයින් පිරිසක් එක්ව සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඊට සහභාගි වූයේ එහි මහලේකම් දායාසිරි ජයසේකර සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතායි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, දෙමළ ප්‍රගතිශීලි පෙරෙමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික සංගමයේ නායක පී. දිගම්බරන් යන මහත්වරුන් ද මෙම රැස්වීමට එක්ව සිටියේය.

උදය ගම්මන්පිල, ඩිලාන් පෙරේරා, වීරසුමන වීරසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද පැමිණියේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]