මෙරටට ආධාර දෙන්න ජපානය හා ඉන්දියාවේ එකඟත්වයක්

ශ්‍රී ලංකාව ගොඩගැනීමට එක්ව ආධාර කිරීමට ජපානය හා ඉන්දියාව එකඟ වෙයි

by Staff writer 27-05-2022 | 5:25 PM

COLOMBO (News 1st) - මෙරටට ආධාර දෙන්න ජපානය හා ඉන්දියාවේ එකඟත්වයක්

අර්බුදකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා එක්ව ආධාර ලබා දීමට ජපානය හා ඉන්දියාව එකඟතාව පළකර තිබේ. එකඟතාව පළ වූයේ, කොඩ් සමුළුවට සමගාමීව ටෝකියෝ නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැති ෆුමියෝ කිශිඩා සමග පැවති සාකච්ඡාවේදීය. නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් සහයෝගීතාව වර්ධනය පිණිස සමීප සබඳතා ගොඩනගා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි. වසර 50කට වැඩි කාලයක් ජපානය ශ්‍රී ලංකාවට ආධාර දෙන ප්‍රමුඛයෙක් ව සිටිය ද පසුගිය කාලයේ චීනය කෙරෙහි අවධානය වැඩි වීම නිසා එරට ආයෝජන සහ ආධාර අඩුවිය. අමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවට විදේශ ආධාර දෙන රටවල එකතුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ද මෙම රටවල් පිළිගෙන තිබේ.