පොලීසියෙන් ඉන්ධන ගැන දත්ත ඇතුළත් APP එකක්

වාහනවලට ලබා ගන්නා ඉන්ධන ගැන දැන ගන්න පොලීසියෙන් APP එකක්

by Staff writer 27-05-2022 | 4:49 PM

COLOMBO (News 1st) –  රථ වාහනවලට ලබා ගන්නා ඉන්ධන පිළිබඳ දත්ත ඇතුළත් ජංගම දුරකතන යෙදවුමක් පොලිසිය විසින් නිර්මාණ කරනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඉන්ධන ජාවාරම් අවම කිරීම සඳහා මෙම යෙදවුම සකස් කළ බවයි. ඉන්ධන තොග රැස් කර වැඩි මිලට අලෙවි කරන්නන් සොයා වැටලීම් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.