ලිට්‍රෝ ගෑස් බෙදිල්ල ලබන සතියේ මැදට කල්යයි

ලිට්‍රෝ ගෑස් බෙදිල්ල ලබන සතියේ මැදට කල්යයි

by Sagarika Chathumali 27-05-2022 | 3:14 PM

COLOMBO (News 1st) – ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම සිදු කරන්නේ, ලබන සතියේ මැද සිට බව ලිට්‍රෝ සමාගම පවසයි.

කෙසේ වෙතත් ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා මීට පෙර සඳහන් කළේ, ඇණවුම් කළ ගෑස් නෞකාව ඉරිදා දිනයේ මෙරටට සේන්දු වන බවත් සඳුදා සිට යළිත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවත් ය. ඒ අනුව සමාගම ජනතාවට දැනුම් දුන්නේ, එතෙක් ගෑස් ලබා ගැනීම සඳහා ‍පෝලිම්වල රැඳි නොසිටින ලෙසයි. නමුත් සමාගමේ අලුත්ම දැනුම්දීම වන්නේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම සිදු කරන්නේ, ලබන සතියේ මැද සිට බවයි. දින 5 ක් තිස්සේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරිණ.