රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කිරීමේ තීරණයක් නැහැ

රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කිරීමේ තීරණයක් නැහැ - අග්‍රාමාත්‍ය කාර්යාලය

by Staff Writer . 27-05-2022 | 11:58 AM

COLOMBO (News 1st) – රාජ්‍ය අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ, ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශය හැර සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩුකර සහන ලබා දීමට කටයුතු කරනු ඇති බවයි.