නාගරික ප්‍රදේශවල වගාකළ හැකි ඉඩම් හඳුනා ගන්න-අගමැති

රට භයානක තත්ත්වයක... නාගරික ප්‍රදේශවල වගා කළ හැකි ඉඩම් හඳුනා ගන්න - අගමැති

by Sagarika Chathumali 27-05-2022 | 4:32 PM

COLOMBO (News 1st) – නාගරික ප්‍රදේශවල වගා කළ හැකි උපයෝගිතා ඉඩම් හඳුනා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, රට තුළ පවතින ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමග අද (27) පැවති සාකච්ඡාවකදී ය. ප්‍රමාණවත් පොහොර සැපයීම සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ. එහිදී නිලධාරීන් දැනුම් දී ඇත්තේ, බැංකු විසින් ඩොලර් නිකුත් කරනු ලැබුව හොත් පොහොර සමාගම්වලට අවශ්‍ය පොහොර ප්‍රමාණය සැපයීමට හැකි වන බවයි. තව ද කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත, නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. යුක්‍රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකය තිරිඟු සහ පොහොර හිඟයකට මුහුණ පා සිටින බව ප්‍රකාශ කර ඇති අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, හිඟය වැඩි වන විට, වහාම පිළියම් ක්‍රියාමාර්ග නොගත හොත් ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් නරක අතට හැරෙනු ඇති බවයි. රට භයානක තත්ත්වයක පවතින බවත් එයින් ගොඩ ඒමට නම් ඒකාබද්ධ උත්සාහයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා  කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වරිමාර්ග සහා යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක්  එක්ව සිට ඇත.