මන්ත්‍රී අතුකෝරාල ඝාතනයට තවත් දෙදෙනෙකු දැලේ..

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 27-05-2022 | 3:32 PM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකිර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි දිවුලපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු සඳහන් කළේ ය.