මත්පැන්වල‌ට ප්‍රමිතීන් නියම කරන්න..

මත්පැන්වල‌ට ප්‍රමිතීන් නියම කරන්නැයි, සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග

by Staff writer 27-05-2022 | 5:17 PM

COLOMBO (News 1st) –  මත්පැන් සඳහා හැකි ඉක්මණින් ප්‍රමිතීන් නියම කරන ලෙස පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් කාරක සභාවට දැනුම් දී ඇත්තේ , රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ ප්‍රමිති ආයතනය සමග එක්ව මේ වනවිට මත්පැන් සඳහා ප්‍රමිතීන් සකස් කරමින් සිටින බවයි. අදාළ ප්‍රමිතින් වහාම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නැයි, රාජ්‍ය ගිණුම් කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව දැනුම් දී ඇත්තේ, ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විවිධ කොන්දේසි ඇතුළත් කරමින් වෙළෙඳපොළ තුළ ඒකාධිකාරියක් ඇති කිරීමට ගන්නා පියවර වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.