ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

බංග්ලාදේශට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 27-05-2022 | 2:29 PM

COLOMBO  (News 1st) - බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) ජය ගත්තේය .

ඒ, දෙරට අතර මීර්පූර්හීදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගනිමිනි. බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 365 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 506කි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 169 ක් පමණි. ඒ අනුව, ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 29ක ඉලක්කයක් හිමි වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසු කළේ ය.