පෙට්‍රල් බවුසරයක් මහ පාරේ කරණම් ගසයි

පෙට්‍රල් බවුසරයක් මහ පාරේ කරණම් ගසයි

by Staff Writer . 27-05-2022 | 8:54 AM

COLOMBO (News 1st) –  කරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල නගරයට ආසන්නයේදී පෙට්‍රල් ලීටර් 13,200 ක් රැගත් බවුසරයක් අද අලුයම 3 .00 ට පමණ අනතුරට ලක්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, කොළඹ සිට කින්නියා දක්වා පෙට්‍රල් රැගෙන යමින් තිබූ මෙම බවුසරය මාර්ගයෙන් බවතට පැන පෙරළී ගොස් තිබූ බවයි. බවුසරය පෙරළුණු අවස්ථාවේ එහි තිබූ පෙට්‍රල් ද කාන්දු වන අයුරු දක්නට ලැබුණු බවත් පසුව දොඹකරයක් සහ ආපදා රථයක්  යොදා ගනිමින් පෙට්‍රල්  බවුසරය මාර්ගයට ගැනීමට කටයුතු කළ බව ත් අප වාර්තාකරු සඳහන් කළේ ය.