by Staff writer 27-05-2022 | 8:42 PM
COLOMBO (News 1st) - ආනමඩුව, ආඩිගම ඉන්ධන පිරවුම්හලකට අද(27) මුද්‍රා තැබුණි.
ඒ, ඩීසල් හා පෙට්‍රල් ලීටර් 13,200 ක් ඊයේ(26) පිරවුම්හලට ලැබී තිබූ අතර බවුසරයෙන් පිරවුම්හලට ඉන්ධන ගොඩ බෑමේදී ඩීසල් පොම්පය සහ පෙට්‍රල් පොම්පය මාරු කර ඉන්ධන ගොඩබා තිබීම හේතුවෙන්ය.
ඒ අනුව, ඩීසල් සහ පෙට්‍රල් මාරුවීම නිසා හටගත් වාහන දෝෂවලටත් මුහුණ දෙන්න සිද්ධ විය.
එහිදී පිරවුම්හලේ සේවකයෙක් පැවසුවේ, වගකීම ඔවුන් භාර ගන්නා බවය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක එස්.ජේ. සෝමරත්න මහතා පැවසුවේ, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා නියැදි ලබා ගත් බවය.