පළාත් පාලන ඡන්දය කල් දාන්න අපේක්ෂාවක් නැහැ

පළාත් පාලන ඡන්දය කල් දාන්න අපේක්ෂාවක් නැහැ - දිනේෂ් ගුණවර්ධන

by Staff writer 27-05-2022 | 8:45 PM

COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්දය කල් දැමීමේ අපේක්ෂාවක් නොමැති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අද (27) ප්‍රකාශ කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, "පළාත් පාලන ක්ෂේත්‍රයටත් ජාතික දේශපාලනයටත් ඉතාම වැදගත්. මම ඇමතිතුමා හැටියට කියනවා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඡන්දෙ කල් දාන්න. ඒක ඉතා පැහැදිලියි"