ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff Writer . 27-05-2022 | 7:27 AM

COLOMBO (News 1st) -  දේශීය පුවත්

01. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයෙන් නික්ම යාමට නියමිතයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි මස 31 වන දින යුද්ධ හමුදාධිපති ධුරයෙන් නික්මයාමට නියමිතව තිබේ. 02. කලහකාරී සිදුවීම් ගැන සොයන්න හිටපු හමුදාපතිවරු තිදෙනෙක්.. පසුගියදා ඇති වූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ. 03. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කරන්නේ ජනපතිගේ බලතල ශක්තිමත් කිරීමක් – විපක්ෂ නායක අධිකරණ අමාත්‍යවරයා යෝජනා කරන ලද 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරනවාට වඩා ශක්තිමත් කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි. 04. පුනර්ජනනීය ව්‍යාපෘතිවලට අනුමැතිය දෙන්නැයි, ඇමති කියයි විදුලි බල මණ්ඩලයට මාසිකව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීම පිළිබඳව සහ දැනට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී තිබේ. 05. ශ්‍රී ලංකාවට කඩිනමින් මිත්‍ර රාජ්‍යවල සහය අවශ්‍යයි – ජනපති අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට මිත්‍ර රාජ්‍යවල සහය කඩිනමින් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. විදෙස් පුවත් 01. ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයනවා – ඉන්දීය අගමැති සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන බව ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි චෙන්නායිහිදී පවසයි. 02.ශ්‍රී ලංකාවට සහය දෙන්න ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කෙරෙන බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍යයි – IMF ශ්‍රී ලංකාව සඳහා සහය දක්වන වැඩසටහනක් සඳහා ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කෙරෙන බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF) පවසයි. ක්‍රීඩා පුවත් 01.යුපුන් අබේකෝන්ගෙන් මීටර 100 නව දකුණු ආසියානු වාර්තාවක් යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ධාවන ඉසව්වට නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටු විය.