කර්මාන්තකරුවන්ගේ ඉන්ධන පෞද්. අංශයෙන් ආනයනයට අවසර

කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන පෞද්ගලික අංශය මගින් ආනයනය කිරීමට අවසර..

by Staff writer 27-05-2022 | 3:19 PM

COLOMBO (News 1st) – කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන, පෞද්ගලික අංශය මගින් ආනයනය කර බෙදා හැරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අනුමැතිය ලබා දී තිබේ.

අමාත්‍යාංශය පැවසුවේ, නාවික කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබාදෙන පෞද්ගලික සමාගම් මගින් මෙරට කර්මාන්තකරුවන්ගේ විදුලිජනන යන්ත්‍ර සහ උපකරණවලට අවශ්‍ය දැවී තෙල් සහ ඩීසල් ලබා ගැනිමට මෙම වැඩපිළිවෙළ මගින් හැකියාව ලැබෙන බවය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සහ අදාල පෞද්ගලික සමාගම්වල නිලධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පැවැත්වූ සාකච්ජාවකදී මෙම තිරණය ගෙන තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ , මෙමගින් විශාල වශයෙන් බැරල්, බූලි සහ අනෙකුත් ආකාරයට ඉන්ධන පිරවුම්හල්වලින් ලබා ගන්නා තොග සහ පර්යන්තවලින් ලබා ගන්නා තොග කළමනාකරණය කිරීමට හැකි වනු ඇති බවය. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් රථ වාහනවලට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු වනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.