ආධාර දී ලංකාව ගොඩ ගන්න, දෙරටක් එක්වෙයි

ආධාර දී ලංකාව ගොඩ ගන්න, දෙරටක් එක්වෙයි

by Staff Writer . 27-05-2022 | 1:28 PM

COLOMBO (News 1st) –  අර්බුදකාරි අවස්ථාවේ ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා එක්ව ආධාර ලබාදීමට ජපානය හා ඉන්දියාව එකඟතාව පළකර තිබේ.

එකඟතාව පළ වූයේ කෝඩ් සමුළුවට සමගාමීව ටෝකියෝ නුවර දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැති ෆුමියෝ කිශිඩා සමග පැවති සාකච්ඡාවේදීයි. මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් සහයෝගීතාව වර්ධනය පිනිස සමීප සබඳතා ගොඩනඟා ගැනීමයි. වසර 50 කට වැඩි කාලයක් ජපානය ශ්‍රී ලංකාවට ආධාර දෙන ප්‍රමුඛයෙක් ව සිටිය ද පසුගිය කාලයේ චීනය කෙරෙහි අවධානය වැඩි වීම නිසා එරට ආයෝජන සහ ආධාර අඩු විය. ඇමෙරිකාව,ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවට විදේශ ආධාර දෙන රටවල එකතුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ද මෙම රටවල් පිළිගෙන තිබේ.