අද (27) දවසේ කාලගුණ අනාවැකිය

අද (27) දවසේ කාලගුණ අනාවැකිය

by Sagarika Chathumali 27-05-2022 | 8:32 AM

COLOMBO (News 1st) –  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් ය. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් බුලත්සිංහල මෝල්කාව මාර්ගය හා වරකගොඩ මාර්ගය ජලයෙන් යටවී ඇති බව නිව්ස් ෆස්ට් වාර්තාකරු පවසයි.