හිටපු අගමැති මහින්දගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

CIDය හිටපු අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් ලබාගනී

by Staff Writer . 26-05-2022 | 10:24 AM

COLOMBO (News 1st) – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ, මයිනා ගෝ ගම හා ගෝඨා ගෝ ගම සාමකාමී විරෝධතාවල නිරත වූ පුද්ගලයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙනි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මහින්ද රාජපක්ෂ මහතා සිටින ස්ථානයට ගොස් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.