21 ගැන හෙට (27) විශේෂ සාකච්ඡාවක්  

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය: හෙට (27) විශේෂ සාකච්ඡාවක්

by Staff Writer . 26-05-2022 | 9:45 AM

COLOMBO (News 1st) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙනි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, එහිදී 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිත බවයි. එලෙස ලබාගන්නා අදහස් හා යෝජනා ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බව ද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ ය.