හෙට (27)ත් ගෑස් පෝලිමට එන්න එපා - ලිට්‍රෝ

හෙට (27)ත් ගෑස් පෝලිමට එන්න එපා - ලිට්‍රෝ

by Staff writer 26-05-2022 | 5:28 PM

COLOMBO (News 1st) – හෙට (27) සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 වර්ගයේ සිලින්ඩර් ලබා ගැනීම සඳහා හෙට දිනයේ ද පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, මේ වනවිට මුදල් ගෙවූ ගෑස් නෞකා දෙකක් දිවයිනට ළඟා වෙමින් ඇති බවයි. ඉන් එක් නෞකාවක් හෙට සහ අනෙක් නෞකාව ඉරිදා මෙරටට ළඟා වනු ඇතැයි ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. අදාළ නෞකාවලින් රැගෙන ඒමට නියමිත ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7500 කි. පළමු නෞකාව ළඟා වූ පසු අනිද්දා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීම ආරම්භ කරන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ය. ගෑස් තොග අනිසි ලෙස රැස්කිරීමෙන් වළකින ලෙසත්, වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිලදී ගැනීම් සිදුනොකරන ලෙසත් ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙයි.