විල්ගමුවේදී බවුසරයක් පෙරළී කාණුවලත් තෙල්

විල්ගමුවේදී බවුසරයක් පෙරළී කාණුවලත් තෙල්

by Staff Writer . 26-05-2022 | 10:48 AM

COLOMBO (News 1st) :  ලග්ගල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ විල්ගමුව නගරයට ආසන්න එලෝනාකන්ද ප්‍රදේශයේදී අද (26) උදෑසන ඩීසල් රැගත් බවුසරයක් පෙරළී ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ රිය සහයක හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි. අදාළ බවුසරයෙන් මේ වන විට ඉන්ධන කාන්දුවෙමින් ඇතැයි, ද පොලිසීය පැවසී ය. මේ අතර අප වාර්තාකරු පැවසුවේ, දැඩි බෑවුමක් සහිත වංගුවකදී රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී බවුසර පෙරළී ඇති බවයි. එම කණුව ද කැඩී රථය මතට වැටී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.