by Sagarika Chathumali 26-05-2022 | 4:08 PM
COLOMBO (News 1st) : විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (25) ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය හමුවී තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග සහ විශේෂයෙන් ඖෂධ නිෂ්පාදන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වන මෙම හමුව සිදුව ඇත්තේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ය.
විදේශ කටයතු අමාත්‍යාංශය පැවසුවේ, මෙම සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා රට මුහුණ දී ඇති බහුවිධ අභියෝග පිළිබඳව නියෝජිතවරිය හමුවේ විස්තර කළ බවයි.
තව ද මෙම දුෂ්කර අවස්ථාවේ රජයට සහය දැක්වීම සඳහා කාර්යාලය ගත් ක්‍රියාකාරී පියවර පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරිය වෙත සිය කෘතඥතාව පළ කර ඇත.
මෙහිදී සිං මහත්මිය අමාත්‍යවරයා හමුවේ, සහතික වී ඇත්තේ, සෞඛ්‍ය හා සබැඳි වර්තමාන අභියෝග ජය ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවටයි.
මෙම දුෂ්කර කාල වකවානුුව 2022 ජූලි මස අග දක්වා පවතින බවත්, 2022 අගෝස්තු මස සිට 2023 ජූලි මස දක්වා කාල වකවානුවේ දී මෙරට තුළ ප්‍රමාණවත් වෛද්‍ය සැපයුම් පවතිනු ඇති බවත් අචාර්ය සිං මහත්මිය මෙහිදී පවසා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරිය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට බොහෝ රටවලින් ආධාර පිරිනැමීම පිළිබඳ යෝජනා කිහිපයක් ලැබී ඇති බව ත් මෙම තත්ත්වය හමුවේ, පුද්ගලික පරිත්‍යාග ඇතුළු අනෙකුත් පරිත්‍යාග සඳහා අවැසි පසුබිම සැකසීමට ඔවුහු ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමග සම්බන්ධීකරණය වී කටයුතු කරන බවත් ය.