මැතිවරණ කොමිසමත් හෙට (27) රැස්වෙයි

මැතිවරණ කොමිසමත් හෙට (27) රැස්වෙයි

by Staff Writer . 26-05-2022 | 11:46 AM

COLOMBO (News 1st) : මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට (27) පැවැත්වීමට නියමිත ය.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, රට මුහුණ දී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. වත්මන් අර්බුකාරී වාතවරණයට විසඳුම් සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නීති රාමුව අනුව මැදිහත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.