මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ඝාතනය:14 ක් අත්අඩංගුවේ

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ඝාතනය: 14 ක් අත්අඩංගුවේ..

by Staff writer 26-05-2022 | 3:45 PM

COLOMBO (News 1st); පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් ක‌ළේ, මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයාගේ පිස්තෝලය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. වෙඩි තැබූ පිස්තෝලය ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා යුද හමුදාවෙන් විශ්‍රාම ලබා ඇති නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, නිට්ටඹුව ප්‍රදේශයේ එළවළු වෙළෙඳසැලක් පවත්වාගෙන යන අයෙක් ය. මන්ත්‍රීවරයා මියගියේ , පසුගිය 09 වැනිදා ඇතිවූ කලහකාරී සිදුවීම අතරතුරයි.