බන්ධනාගාර කොමසාරිස් අද මානව හිමිකම් කොමිසමට

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අද මානව හිමිකම් කොමිෂන් සභාවට

by Staff writer 26-05-2022 | 8:35 AM

COLOMBO (News 1st) - බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (26) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ, පසුගිය 09 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමක් සඳහා වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහභාගී වූ බවට ඉදිරිපත්වී ඇති පැමිණිල්ලේ විමර්ශනයට අදාළවයි. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වටරැක බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසකගෙන් ද ඊයේ ප්‍රකාශ සටහන් කර ගත්තේ ය. ඊට අමතරව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් වන සුදේශ් නන්දිමාල් සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන්ගෙන් ද ඊයේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.