පක්ෂ 10 නියෝජිතයින් සහ අගමැති අතර සාකච්ඡාවක්

පක්ෂ 10 නියෝජිතයින් සහ අගමැති අතර සාකච්ඡාවක්

by Staff Writer . 26-05-2022 | 11:34 AM

COLOMBO (News 1st) :  පක්ෂ 10 නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

ඒ, අග්‍රමාත්‍ය කාර්යාලයේදියී. එහිදී ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත බව ද වාර්තා වේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හෙට (27) පැවැත්වේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, එහිදී 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිත බවයි. එලෙස ලබාගන්නා අදහස් හා යෝජනා ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යවරයා පැවසී ය.