දිය නෑමට ගිය පියා සහ දරු දෙදෙනා මරු⁣ට

දම්බරාව වැවේ දිය නෑමට ගිය පියා සහ දරු දෙදෙනා මරු⁣ට

by Staff writer 26-05-2022 | 7:33 AM

COLOMBO (News 1st) - මහියංගනය, කිරිමැඬිල්ල දම්බරාව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසීය සඳහන් කළේ, අවුරුදු 10 සහ 15 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකු සහ 45 වන වියෙහි පසුවන පියා එලෙස මියගොස් ඇති බවය. ඔවුන් ඊයේ(25) පස්වරුවේ දම්බරාව වැවේ දිය නෑමට ගොස් නැවත නොපැමිණීම හේතුවෙන්, නිවැසියන් එම ස්ථානයට ගොස් සොයාබලා තිබේ. එහිදී ඔවුන්ගේ ඇඳුම් පමණක් ඉවුරේ පැවතීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සමග කළ සොයා බැලීමකදී අදාල පියා සහ දරු දෙදෙනාගේ සිරුරු සොයා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.