ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 26-05-2022 | 6:43 AM
1. හෙට (26) ත් ගෑස් පෝලිමට එන්න එපා..- ලිට්‍රෝ සමාගම - අද (26) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි. 2. සනත් නිශාන්ත, මිලාන් ඇතුළු 6 ක් තවදුරටත් රිමාන්ඩ් - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3. වැඩි මිලට තෙල් විකුණූ 137 ක් අත්අඩංගුවට - නිසි අවසරයක් නොමැතිව වැඩි මිලට ඉන්ධන අළෙවි කළ පුද්ගලයින් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 4. රැස් කර කර යන දේශපාලකයින්ට කියන්නෙ, අස්පස් කරගනිමින් පලයල්ලා – දර්ශන හඳුන්ගොඩ - මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ. 5. සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් – අගමැති - සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රොටයිටර් පුවත්සේවයට පවසා තිබේ.