කලහකාරි සිදුවීම්වලට තවත් 70 ක් අත්අඩංගුවට..

කලහකාරි සිදුවීම්වලට තවත් 70 ක් අත්අඩංගුවට..

by Staff writer 26-05-2022 | 4:23 PM

COLOMBO (News 1st) – දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් ඊයේ(25) දිනයේ පුද්ගලයින් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඔවුන්ගෙන් 41 දෙනෙකු ඊයේ දිනයේ පොලිස් ඇප හා අධිකරණයේ ඇප මත මුදාහැර ඇති බවයි. ඉන් පුද්ගලයින් 47 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මෙම සිද්ධින් සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 854 ක් ලැබි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 1878 කි. මෙම සිද්ධින් සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 831 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.