අද සහ හෙට ගෑස් පෝලිම්වලට එන්න එපා..

අද සහ හෙට ගෑස් පෝලිම්වලට එන්න එපා... - ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

by Staff writer 26-05-2022 | 8:27 AM

COLOMBO (News 1st) - අද (26) සහ හෙට ( 27) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, මේ වනවිට මුදල් ගෙවූ ගෑස් නෞකා දෙකක් දිවයිනට ළඟා වෙමින් ඇති බවය. ඉන් එක් නෞකාවක් හෙට සහ අනෙක් නෞකාව ඉරිදා මෙරටට ළඟා වනු ඇතැයි ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. අදාල නෞකාවලින් රැගෙන ඒමට නියමිත ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7500 කි. පළමු නෞකාව ළඟා වූ පසු අනිද්දා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීම ආරම්භ කරන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ ය. ගෑස් තොග අනිසි ලෙස රැස්කිරීමෙන් වළකින ලෙසත්, වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිලදී ගැනීම් සිදුනොකරන ලෙසත් ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙයි.