අගමැතිගෙන් IMF බලාපොරොත්තුවක්

අගමැතිගෙන් IMF බලාපොරොත්තුවක්

by Staff Writer . 26-05-2022 | 11:40 AM

COLOMBO (News 1st) :   ජත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ජුනි මාසයේ මැද වන විට ණයක් ලබා ගැනීමට හැකිවනු ඇති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විදෙස් මාධ්‍යට අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, මේ වන විට ශ්‍රී ලංකාවේ 4% ක ආර්ථික අවපාතයක් පවතින බවයි. සිය අපේක්ෂාව ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ලබා දෙමින් ආර්ථිකය අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සිය අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
''අපිට කවදා හෝ අපේ විදේශ ණය ගෙවීමට සිදු වනවා. අපි විදේශ විනිමය ඉපයුවේ නැත්නම් අපි තවත් ණය බරට යට වෙනවා. බදු වැඩි වීමක් යළිත් සිදුවෙයි. හැබැයි අපගෙ ප්‍රධාන අරමුණ සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය හැරුණ විට අනෙකුත් සියලුම ක්ෂේත්‍රවල රජයේ අනවශ්‍ය වියදම් කපා හැර මෙම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට හැකිතාක් මූල්‍ය සහන ලබා දීමයි''