දැඩි ආහාර අර්බුදයක් ගැන අනතුරු ඇඟවීම්

යල කන්නයේ වගාව සති දෙකකින් අවසන් නොකළහොත් උග්‍ර ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම්

by Staff writer 26-05-2022 | 8:31 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක කිහිපයක යල කන්නයට අදාලව වැපිරීමේ හා බිම් සකස් කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඉදිරි සති දෙක තුළ යල කන්නයේ වගා කටයුතු අවසන් නොකළහොත් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවය. මෙම අවස්ථාවේ වී වගා කිරීමට නොහැකි නම් විකල්ප වගාවන් වෙත යොමුවන්නැයි ද ඩී. අබේසිරිවර්ධන මහතා ගොවීන්ට දැනුම් දෙයි.