‘අයිස් ‘ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 3ක් දැලේ

‘අයිස් ‘ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 3ක් දැලේ

‘අයිස් ‘ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 3ක් දැලේ

කර්තෘ Staff Writer .

26 May, 2022 | 9:33 am

COLOMBO (News 1st) –  කිලෝ එකකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී ය.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120 ක් සමග පළමු සැකකරු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 157 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.

පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 157 ක් සමග අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙවන සැකකරු කළ අනාවරණයකට අනුවයි.

අත්අඩංගුවට ගත් මීගමුව සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අදාළ සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]