ලෝක බැංකුවෙන් ලංකාව ගැන නිවේදනයක්

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ - ලෝක බැංකුව

by Staff writer 25-05-2022 | 7:34 AM

COLOMBO (News 1st) - ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් පදනම් වූ වර්ධනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීම සඳහා IMF සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවයි. නව ණය බැඳීමක් ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බව මෑත කාලීන මාධ්‍ය වාර්තා සාවද්‍ය ලෙස ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව සඳහන් කළේ ය.