සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් - අගමැති

සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් - අගමැති

by Staff Writer . 25-05-2022 | 3:04 PM

COLOMBO (News 1st) –  සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රොටයිටර් පුවත්සේවයට පවසා තිබේ.

''අපි දන්නවා තත්ත්වය ඉතා අසීරුයි. ඒ නිසයි අපි සහන දෙන්න බලන්නෙ.අඩුම තරමේ අවුරුදු දෙකක කාලයක් සඳහාවත් සහන වැඩසටහනක් ඇති කරන්න. ඒ සඳහා අන්තර්කාලීන අයවැයක් අවශ්‍යයි''
තව ද ඔහු සඳහන් කර ඇත්තේ, දෙවසරක සහන වැඩසටහනක් සඳහා අරමුදල් යොමු කිරීමට යටිතල පහසුකම් ව්‍යපෘති කප්පාදු කරන බවත් ණය පොලී ආපසු ගෙවිය හැකි බවට තහවුරු කිරීම වගේම පීඩාවට පත් අයට සහන සැලසීමටත් තවත් මුදල් අවශ්‍ය බවයි.
''නමුත් එය තනිව කරන්න බැහැ. අපිට රුපියල් ආදයම නෑ.දැන් අපිට තවත් ට්‍රිලියනයක මුදල් අච්චු ගහන්න වෙලා තියෙනවා. ඔබට දකින්න පුළුවන් වෙයි එය උද්ධමනයටත් බලපාන අකාරය''