by Staff Writer . 25-05-2022 | 4:48 PM
COLOMBO (News 1st) – නිසි අවසරයක් නොමැතිව වැඩි මිලට ඉන්ධන අළෙවි කළ පුද්ගලයින් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ,ඒ සම්බන්ධයෙන් දිවයින පුරා වැටලිම් 429 ක් සිදුකර ඇති බවයි.
දිවයින පුරා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව මගින් ඉන්ධනහල් වෙත ලබාදෙන ඉන්ධන විවිධ පුද්ගලයින් විසින් විවිධ ආකාරයෙන් රැස්කරමින් වැඩි මිලට අළෙවි කරමින් ජාවාරම් සිදුකිරිම සම්බන්ධයෙන් පොලිස්ථාන වෙත වාර්තා වී තිබේ.
එම වැටලිම් මගින් සගවා තබා සොයා ගන්නා ලද පෙට්‍රල් ලීටර් 27000 කට ආසන්න ප්‍රමානයක් ,ඩිසල් ලිටර් 22,000 කට ආසන්න ප්‍රමාණයක් හා භූමිතෙල් ලීටර් 10,000 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මෙවැනි වංචනික ආකාරයට ඉන්ධන රැස්කරමින් වැඩි මිලට අලෙවි කරමින් ජාවාරම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු 118,119,1997 කෙටි දුරකතන අංක මගින් මහජනතාවට ලබාදිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිසිය පැවසුවේ, එම ඉන්ධනවලට විවිධ ද්‍රව්‍ය කවලම් කර අළෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.