''පට්ට හොරු, ගේන්න දේකුත් නෑ ගෙනියන්න දේකුත් නෑ''

රැස් කර කර යන දේශපාලකයින්ට කියන්නෙ,අස්පස් කරගනිමින් පලයල්ලා - දර්ශන හඳුන්ගොඩ

by Staff Writer . 25-05-2022 | 3:35 PM

COLOMBO (News 1st) –  මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.

ඒ පසුගිය කාලයේ ඔහු විසින් සිදුකළ අනාවරණයක් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහායි. කෙසේ වෙතත්   හඳුන්ගොඩ මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන්ට ලිඛිත නිත්‍යනුකූල සිහිකැඳවීමක් නොමැති බැවින් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට ඇතුළු නොවන බවයි.
''මට එන්න කියලා කිසිදු නිත්‍යනුකූල ලියවිල්ලක් නෑ. ටෙලිෆෝන් එකෙන් කතා කරලා කියනවා. මගේ ෆෝන් එක වැඩ නැත්නම් වෙන කාට හරි කතා කරලා කියනවා මේ පණිවිඩෙ කියන්නෙ කියලා''
පසුව ඔහු සිය  නීතිඥයින්යින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට පිටත් කර යවා තිබුණේ, තමා හමුවිය යුතු නිලධාරී මහතා කවුරුන් ද ? කුමන් කාරණවක් සඳහා තමන් කැඳවන්නේ ද යන්න සම්බන්ධයෙන් ප්‍රථමයෙන් කරුණු විමසා පැමිණෙන ලෙස  පවසමිනි.
''පට්ට හොරු... ගේන්න දේකුත් නෑ. ගෙනියන්න දේකුත් නෑ.. රැස් කර කර යන දේශපාලන ජීවිතවලට කියන්නෙ, අස්පස් කරගනිමින් පලයල්ලා''