ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව

බොරතෙල් නැවට කඩිනමින් ගෙවීම් කිරීමට කටයුතු කරමින් සිටිනවා - විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය

by Staff writer 25-05-2022 | 7:14 AM

COLOMBO (News 1st) - මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති බොරතෙල් නැවට කඩිනමින් ගෙවීම් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා ඩොලර් මිලියන 75ක් ගෙවිය යුතු බවය. මේ අතර මෙරටට සේන්දු වූ ‍පෙට්‍රල් හ ඩීසල් නෞකා දෙකේ තොග ගොඩබෑම මේ වනවිට අවසන් කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ, ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බවය.‍ කෙසේ වෙතත් ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ රාත්‍රිය වනතෙක් දිවයිනේ ප්‍රදේශ රැසක දිගු පෝලිම් පැවතියේ ය.