බස් ගාස්තු අද සිට ඉහළට..

බස් ගාස්තු අද සිට ඉහළට..

by Staff writer 25-05-2022 | 7:07 AM

COLOMBO (News 1st) - ඊයේ(24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළ දැමුණි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මෙරෙන්ඩා මහතා පැවසුවේ, අවම බස් ගාස්තුව රුපියල් 32 ක් දක්වා ඉහළ දමා ඇති බවයි. මේ අතර පළමු මීටරය සඳහා වන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් පමණ වැඩි කිරීමට වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා නව ගාස්තුව රුපියල් 100 කි.