තලංගම පොලිස් ස්ථානාධිපතිට වහාම ස්ථාන මාරුවක්

තලංගම පොලිස් ස්ථානාධිපතිට වහාම ස්ථාන මාරුවක්

by Staff Writer . 25-05-2022 | 11:41 AM

COLOMBO (News 1st) – තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඔහු ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරු කර ඇති බවයි. මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ.ජේ. කොඩිතුවක්කු මහතා සීතාවක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත්කර තිබේ. ඔහු මීට පෙර පොලිස් මූලස්ථානයේ සේවය කළේ ය.