ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක්

ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් 18ක් ඇතුළු 21ක් මරුට

by Staff writer 25-05-2022 | 7:32 AM

News 1st -  අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මියගිය ළමුන් අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන්නන් බවයි. වෙඩි තැබීම සිදු කළ 18 හැවිරිදි සැකකරු ද පොලිස් වෙඩි පහරින් මිය ගියේ ය. ඔහු සිය මෝටර් රථය පාසල අසළ නතර කර ගිනි අවි දෙකක් අතැතිව පාසලට පැමිණ වෙඩි තැබීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පාසලට පැමිණීමට පෙර ඔහු සිය මිත්තණියට ද වෙඩි තබා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ටෙක්සාස් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ය. සිද්ධියත් සමග ටෙක්සාස් ප්‍රාන්තයට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරිණි. ලබන 28 වැනි දා සියලු ස්ථානවල ජාතික ධජ අඩකුඹු කර තබන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නියෝග කළේ ය.