ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මාසික ඩොලර් ප්‍රමාණය මිලියන 250ක් දක්වා පහළට

ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මාසික ඩොලර් ප්‍රමාණය මිලියන 250ක් දක්වා පහළට

ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මාසික ඩොලර් ප්‍රමාණය මිලියන 250ක් දක්වා පහළට

කර්තෘ Staff writer

25 May, 2022 | 7:28 am

COLOMBO (News 1st) – විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් මෙරට එවනු ලබන මාසික ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 250ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, මෙරටට එවනු ලබන ඩොලර් ප්‍රමාණය කඩිනමින් වැඩිකර ගත යුතු බවය.

ඒ සඳහා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැඩි වගකීමක් පැව‍රෙන බව ද ඔහු කියා සිටියේ ය.

බැංකු හරහා ඩොලර් මෙරටට එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක් හිමිවන බව ද ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]