සිපෙට්කෝ ඉන්ධන මිල යළිත් ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිල යළිත් ඉහළට

by Staff writer 24-05-2022 | 6:11 AM

COLOMBO (News 1st) - අද (24) අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා ති‌බේ.

ඒ අනුව, පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 82 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් දමා ඇති අතර එහි නව මිල රුපියල් 450 කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් ඉහළ දමා ඇත. ඒ අනුව, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400 කි. සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 116 කිනි.