ඇමති ධූර ගැන ශ්‍රීලනිපයෙන් නිවේදනයක්

ශ්‍රීලනිප සාමාජිකයින්ට අමාත්‍ය ධුර පිරිනැමීම හා අදාල ඇමති ධූර භාර ගැනීම මධ්‍යම කාරක සභාවේ හා පක්ෂයේ තීරණයට පටහැනියි - ශ්‍රීලනිප සභාපති

by Staff writer 24-05-2022 | 12:55 PM

COLOMBO (News 1st) - පක්ෂ නායකයන්ට කරුණු නොදන්වා යළි සම්ප්‍රදායික රජයක් පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට අමාත්‍ය ධුර පිරිනැමීම හා අදාල අමාත්‍ය ධුර භාර ගැනීම මධ්‍යම කාරක සභාවේ හා පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රීලනිප සභාපති පවසයි.