බංග්ලාදේශ පළමු ඉනිම 365යි: ශ්‍රී ලංකාව 143/2යි

බංග්ලාදේශ පළමු ඉනිම 365යි: ශ්‍රී ලංකාව 143/2යි

by Staff Writer . 24-05-2022 | 8:26 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) දෙවැනි දිනටත් මීර්පූර්හිදී පැවැත්විය.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 02 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 143 කි. තරගයේ පළමු ඉනිමේදී බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 365 ක් රැස් කළේ ය. ලිටන් ඩාස් ලකුණු 141 ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 175 කි. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 5 ක් දවා ගත් අතර,ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ, ඕෂධ ප්‍රනාන්දු සමඟින් නායක දිමුත් කරුණාරත්න. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 11 කට දැවී ගියේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 70 යි.